ට්‍රක් රථයක් මතට ට්‍රාන්ස්ෆෝමරයක් වැටී 03ක් මරුට

Share

මිනුවන්ගොඩ, 18 කණුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තුන් දෙනෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිසිය පැවසුවේ 18 කණුව දෙසට ධාවනය වූ ට්‍රක් රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ට්‍රාන්ස්ෆෝමරයක සහ අධිබලැති විදුලි රැහැන් කණු දෙකක ගැටී අනතුර සිදුව ඇති බව ය. අනතුරුව විදුලි රැහැන් කණු කැඩී ට්‍රාන්ස්ෆෝමරය ට්‍රක් රථය මතට වැටී තිබේ.

පොලීසිය පැවසුවේ අනතුරින් ට්‍රක් රථයේ රියැදුරු සහ ඉදිරිපස ගමන් කළ 05 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකිරීමෙන් පසු තුන් දෙනෙකු මියගොස් ඇති බව ය.

Read more

Local News