අදත් වැස්ස අඩුයි

Share

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින හරහා විශේෂයෙන් නැගෙනහිර, උතුර, උතුරුමැද, මධ්‍යම හා දකුණු පළාත්වල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 40-45 ත් අතර විය හැකියි.

එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 20-30 ත් අතර විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read more

Local News