මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා යුද හමුදාවේ සහය ලබා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.
කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
පොලීසියට දේශපාලන මැදිහත්වීමක් සිදු කරන්නේ නැති නම් එම දෙපාර්තමේන්තුවට රට තුල සිදුවන අපචාර නැවැත්වීමට හැකියාව පවතින බව ද ඒ මහතා පැවසීය.
මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරමින් වැරදිකරුවන්ට එම දඬුවම ලබා දුන්නේ නම් රට තුල පවතින අපරාධ අවම කර ගත හැකි බවද බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ප්‍රකාශ කළේය.