හෂීස් තොගයක් සමඟ 3ක් අත්අඩංගුවට

Share

මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ දී හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ උතුර දිසා අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරුවන් සතුව තිබී හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 600ක් සොයාගෙන ඇති අතර එම හෂීස්වල වටිනාකම රුපියල් ලක්ෂ 78ක් බවට වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මිනුවන්ගොඩ, හොරණ සහ මූනමල්දෙණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

ඔවුන් අද(01) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News