රජය දුන් පොරොන්දු ඉටු කරන බව සාගල කියයි

Share

ඉඩම් අයිතිය පිළිබඳව රජය දුන් පොරොන්දු ඉටු කිරීමට කටයුතු කරන බව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

දෙනියාය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

වසර 10කට වැඩි කාලයක් රජයේ ඉඩම්වල පිදිංචිව සිටි අයෙක් සිටි නම් එම පිරිසට එම ඉඩමේ අයිතිය ලබා දිමට අවශ්‍ය නිතිමය පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසයි.

ඒ සඳහා අවශ්‍ය යොජනා කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති අතර ඉන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පනත සම්මතකර ලන්නා බවද මිට අමතරව ජනාධිපතිවරයා ඒ සම්බනධයෙන් දැක්වු අදහස් සම්බන්ධයෙන්ද සලකා බලන බවත් අමාත්‍යවරයා එම අවස්ථාවේදි පැවසීය.

Read more

Local News