විධායක ජනපති ධුරය ඉවත් කිරීමට එකඟ බව වාසු කියයි

Share

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීමෙන් සිදු වන්නේ කුමන්ත්‍රණකාරී අයුරින් බල තුලනයක් සිදුවීම බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.‍

කොළඹදී අද(04) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළේය.

විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීමට ප්‍රතිපත්තියක් වශයෙන් තමන්ද එකඟ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දෙයි.

මේ අතර පොදුජන පෙරමුණේ විශාල ජයග්‍රහණය තනි අයිතියකට ගැනීමට කිසිවෙකුටත් නොහැකි බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News