අයවැයෙන් අපේක්ෂා ඉටුවී නොමැති බව තිස්ස කියයි

Share

අය වැයකින් ඉටුවිය යුතු අපේක්ෂාවන් මෙවර අයවැයෙන් ඉටුවී නොමැති බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

ඊයේ (13) පස්වරුවේ මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

අයවැයක් සම්බන්ධයෙන් ජනතාව විශාල වශයෙන් බලාපොරොත්තු තබාගෙන සිටින බවත් මේ අය වැය තුළින් එම බලාපොරොත්තු ඉටුව නොමැති බව තිස්ස අත්තනායක මහතා පෙන්වා දෙයි.

අයවැය ලේඛනයක්  මූලික අපේක්ෂාව වන්නේ අනාගත ආයෝජනය හා සැලසුම් පිළිබඳ වාර්ශිකව සිදුකරන පුරෝකථනයක් බවත් අවාසනාවකට ශ්‍රී ලංකාවේ සිදු වන්නේ එවැනි දෙයක් නොවන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය.

Read more

Local News