කදු මුදුනක මුහුදට බෑවුම් වෙන්න හදපු “Cliff House”

Share

මිනිස්සු භයානක තැන් බලන්න සමහර මිනිස්සු ඒ තුළ ඡිවත්වෙන්න කැමතියි. ඒක මිනිසාගේ ඡානමය ලක්ෂණයක්. මොකද ඔහු අතීතයේ ඉදන් ඡිවත්වුනේ අවදානමත් එක්ක. අවදානමත් එක්ක ඡීවත්වෙලා ඒක විදින්න ඔස්ට්‍රේලියානු සමාගමක් ලෝකෙ කෝටිපතියන්ට එවැනි තැන්වල නිවෙස් හදන වැඩ පිලිවෙලවලක් දියත් කරනව.

මෙි එවැනි සංකල්පිය නිවෙසක් මෙම නිවාස වැඩපිලිවෙල් නම “Cliff House” මෙහි පළමු නිවාසය හදල තියෙන්නෙ ඔස්ට්‍රෙලියාවෙි වික්ටෝරියා වෙරළ තීරයේ මුහුදට මුහුණලෑ කදු මුදුනක මුහුදට බෑවුමි වෙන්න. තට්ටු පහක මෙම ගොඩනැගිල්ල එක තට්ටුවෙන් තට්ටුවට තමයි අනිකට යා කරල තියෙන්නෙ ඒ වගේම එක තට්ටුවෙන් තටිටුව කන්ද විදල වානේ කමිබිවලින් යා කරලයි තියෙන්නේ.

ඒ වගේම ඒකට පඩි පෙළකින් හෝ සෝපානයකින් ප්‍රවේශ විය හැකි අතර නාන කාමරයක්, නිදන කාමරයක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක් සහ කෑම කාමරයකින් සමන්විතයි.

Read more

Local News