මීගමුවේදී හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Share

මීගමුව පොලිස් වසමේ කවුලුපිටිය ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 1යි ග්රෑම් 8ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (23) සවස මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

සැකකරුවන් වයස අවුරුදු 37 හා 43 වයස් වල පසුවන කොළණිය, වැල්ල හලාවත ප්‍රදේශයේ හා කුරසපාඩුව, වැල්ල හලාවත ප්‍රදේශයේ පදිංචි අය වෙයි.

ඔවුන් අද (24) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News