ලංගමට සුඛෝපභෝගී බස් ගන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි

Share

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස් රථ 37 ක් කල්බදු පදනම මත ප්‍රසම්පාදනය කර ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

මේ සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත පුද්ගලික සමාගමක් වෙත පිරිනැමීම සඳහා ප්‍රවාහන හා ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

පොදු ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමේ හා මගී ජනතාව වෙත වඩාත් ගුණාත්මක පොදු ප්‍රවාහන සේවයක් ඇති කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.

Read more

Local News