මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි.

කෙසේ වෙතත් නුවරඑලිය, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පමණ පසුව වැසි ඇතිවීමට සුළු හැකියාවක් පවතී.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

කෙසේ වෙතත් ගිනිකොණදිග ගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ස්වල්පයක් ඇති විය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 10-20 පමණ විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි.

Read more

Local News