මැකො අධිකරණ තීන්දුවක් බලාපොරොත්තු වෙයි

Share

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව බලපවත්නා නීතිය සම්බන්ධයෙන් අධිකරණයේ තීන්දුවක් බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මැතිවරණය කඩිනමින් පැවැත්වීම සදහා මැතිවරණ කොමිසමේ එකගතාව පල කරන බව සදහන් කරන සභාපතිවරයා ඒ සදහා අධිකරණයේ මගපෙන්වීම අවශ්‍ය බව ද පෙන්වා දෙයි.

මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද දේශප්‍රිය මහතා මෙම අදහස් පල කළේය.

Read more

Local News