බීමතින් සිටි බන්ධනාගාර නියාමකවරුන් තුනක් අත්අඩංගුවට

Share

බන්ධනාගාර රැඳවුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක බීමත්ව සිටි බන්ධනාගාර නියාමකවරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වෙයි.

පොළොන්නරුව බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයට රැඳවුවන් පිරිසක් රැගෙන යමින් සිටි බස් රථයේ නිළධාරින් 07 දෙනෙකු ගමන් කරමින් සිට ඇත.

බන්ධනාගාර බස් රථය මින්නේරිය පොලිස් නිළධාරීන් විසින් නවතා පරික්ෂා කිරීමේදි බීමත්ව සිටි බන්ධනාගාර නියාමකවරුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

එම නිළධාරින් අද(01) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් මින්නේරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News