අනවසර වෙළඳාම් තහනම් දුම්රිය තුළ

Share

දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම්.අබේවික්‍රම මහතා පවසන්නේ දුම්රියේ කෙරෙන අනවසර වෙළෙඳාම් හේතුවෙන් මගින්ට සිදුවන හිරිහැර හා ඔවුන්ගේ ආරක්ෂාව පිලිබඳවත් සිතා බලා දුම්රිය තුළ වෙළෙඳාම් කිරීමට කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බවයි.

අනවසර වෙළෙඳුන් විසින් දුම්රියේ අලෙවි කරන ආහාර ද්‍රව්‍ය අනාරක්ෂිත මෙන්ම ප්‍රමිතියෙන් බාල බවත් එසේම දුම්රිය තුළ සිදු කෙරෙන සොරකම්වලට සමහර අනවසර වෙළෙඳුන්ගේ සම්බන්ධයක් තිබෙන බව හෙළි වී ඇති බවත් ඒ මහතා සඳහන් කෙළේය.

මේ කරුණු සැළකිල්ලට ගනිමින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් මත දුම්රියේ අනවසර වෙළෙඳුන් ඉවත් කිරීමට දුම්රිය බලධාරීන් පියවර ගෙන තිබේ.

Read more

Local News