වෙළඳ විෂමාචාරයන් ගැන පැමිණිලි කරන්න දැන් පුළුවන්

Share

උත්සව සමයේ සිදුවන වෙළඳ විෂමාචාරයන් සම්බන්ධයෙන් වන පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

භාණ්ඩ හා සේවා මිලදී ගැනිමේදී පාරිභෝගිකයින් මුහුණදෙන විවිධ අපහසුතා සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව එම අධිකාරිය සදහන් කළේය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියම කර ඇති විධානයන්ට හා නියෝගයන්ට අනුකූල නොවන ලෙස භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, සැපයීම, ගබඩා කර තැබීම, ප්‍රවාහනය සහ විකිණිම යන කරුණු සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වේ.

මේ අතර භාණ්ඩ නිෂ්පාදනයේදී හෝ විකිණිමේදී අදාල නියමයන්ට අනුව වගකීම් කාලයක් ලබා නොදීම සම්බන්ධයෙන් ද මහජනතාවට පැමිණිලි ඉදිරිපත් කිරිමේ හැකියාව පවතින බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පැවසුවේය.

1977 ක්ෂණික දුරකතන ඇමතුම් අංකයට හෝ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පැමිණිලි අංශයේ 011 7755481, 011 7755482 සහ 011 7755483 යන අංකවලට තොරතුරු දැනුම්දිය හැකියි.

Read more

Local News