වැය ශීර්ෂ පරාද කරන්න එජාප පසුපෙළින් සහය ?

Share

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ පළාත් පාලන සහ පළාත් සභා වැය ශීර්ෂ පරාජය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සහාය ලැබුණු බවයි.

ඊයේ (02) විපක්ෂ නායක කාර්යාලයේදී පුවත්පත් කතුවරුන් සමඟ පැවති හමුවක් අතරතුර ඔහු මේ බව ප්‍රකාශ කළේය.

පක්ෂ නායකයන් අතර එකඟතාවයක් තිබුණ ද ඡන්දයක් ගන්නැතුව වැය ශීර්ෂ පාස් කරන්න ? යනුවෙන් මාධ්‍යවේදියෙක් අසන ලද පැනයට මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ,එවැනි දෙයක් නොතිබුණ බවයි.

එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර මන්ත්‍රීවරයෙක් අපි පාඩමක් උගන්වන්න මෙහෙම කළ යනුවෙන් ප්‍රකාශ කර ඇති බව ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

මෙය ඉතා පැහැදිලි ලෙසම ආණ්ඩුවේ අයගේ උවමනාව මත මෙය සිදු කළ බව ද පැවසු මහින්ද රාජපක්ෂ මහතා, පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම වැය ශීර්ෂය පරාජයට මුලික හේතුවක් වු බව ද සඳහන් කළේය.

මේ අතර උතුරු නැගෙනහිර ජනතාව දිනාගන්න වැඩපිළිවෙලක් තියෙනවාද? යනුවෙන් අසන ලද පැනයට මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, උතුරු නැගෙනහිර සෑම නගරයකටම යෑමට තීරණය කර ඇති බවයි.

Read more

Local News