බ්‍රෙක්සිට් වැඩපිළිවෙළට බ්‍රිතාන්‍ය අගමැතිනිය කල් ඉල්ලයි

Share

බ්‍රෙක්සිට් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා තවත් කල් ඉල්ලීමට බ්‍රිතාන්‍ය අගමැතිනිය තීරණය කර ඇත.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂ නායකවරයා ද හමුවීමටත් ඇය සූදානමින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

ඉවත්වීමේ බ්‍රෙක්සිට් වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම සඳහා යුරෝපා සංගමයෙන් තවත් කල් ඉල්ලා සිටීමට බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ සූදානමින් පසුවෙයි.

ඇය මේ බව අනාවරණය කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ අතර ගිවිසුම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීම සඳහා විපක්ෂ නායක ජෙරමි කෝර්බින් සමඟ සාකච්ඡා කිරීමටත් අගමැතිනිය එකග වී ඇත.

කෙසේ නමුත් පසුගිය සතියේදී ඇය විසින් පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් යෝජනාවලිය නැවතත් ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බවත් අගමැතිනී තෙරේසා මේ අවධාරණය කළාය.

අගමැතිනිය හමුවී සාකච්ඡා කිරීමට තමන් කැමැත්තෙන් පසුවන බව විපක්ෂ නායකයාද පවසා තිබීම විශේෂත්වයකි.

ඉවත්වීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සමඟ එකඟතාවකට එළඹීමට බ්‍රිතාන්‍යය අවස්ථා කිහිපයකදී උත්සාහ කළත්, පාර්ලිමේන්තුව හමුවේ එම යෝජනා පරාජයට පත්වීමෙන් එකඟතාව පිළිබද අවිනිශ්චිතතාවක් මතුව පවතියි.

මතුව ඇති තත්ත්වය හමුවේ මේ මස 11වැනිදා බ්‍රිතාන්‍යය  යුරෝපා සංගමයෙන් වෙන්වීමට නියමිතය.

Read more

Local News