ඩුබායිහිදී මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් සමඟ 4ක් මෙරටට එයි

Share

ඩුබායිහිදී මාකඳුරේ මදූෂ් සමඟ සිටියදී අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වැන් රෝයන් ඇතුළු පස්දෙනෙකු අද(04) අළුයම දිවයිනට පැමිණ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ එහිදී ඔවුන් ප්‍රශ්න කිරීම් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයට ගෙන ඇති බවයි.

අළුයම 5යි 25 ට පමණ UL 266 දරන ගුවන් යානයකින් මෙරටට පැමිණි ඔවුන් ප්‍රශ්න කිරීම් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන තිබේ.

මාකදුරේ මධුෂ් සමඟ ඩුබායිහීදී අත්අඩංගුව පත්ව එරටින් පිටුවහල් කළ 8 දෙනෙකු පසුගිය දින කිහිපයේදී දිවයිනට පැමිණියේය.

ඒ අතර ගායන ශිල්පි නදීමාල් පෙරේරා, මොහොමඩ් සිද්ධික් මොහොමඩ් සියාම්, ඇන්ඩර්සන් ෆර්ඩිනැස්ඩස්, ලංකා සජිත පෙරේරා, කංජිපානී ඉම්රාන්, ලලිත් කුමාර, අනුෂ්ක කවිෂාල් හෙවත් ජංගා, අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල ද වෙයි.

Read more

Local News