දිස්ත්‍රික්ක 20ක රස්නේ වැඩියි

Share

අද (04) දිනයේදී ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 20ක උණුසුම් තත්ත්වය ඉහළ යාහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව පුත්තලම, කුරුණෑගල, කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, මන්නාරම, වවුනියාව, මුලතිව් සහ මොනරාගල, යාපනය, කිළිනොච්චිය, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පොළොන්නරුව, මාතලේ, මඩකලපුව, අම්පාර යන දිස්ත්‍රික්ක විස්සෙහි ජනතාව උණුසුම් තත්ත්වය පිළිබඳ අවධානය යොමුකළ යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වැඩි අවධානය යොමුකළ යුතු උණුසුම් තත්ත්වයක් ඇතිවන දිස්ත්‍රික්කවල ජනතාව විජලනය, ලවණ ඉවත්වීම නිසා ඇතිවන මස්පිඬු පෙරළීම පිළිබඳ හා අධික උණුසුම නිසා ඇතිවන මහන්සිය පිළිබඳ අවධානය යොමුකළ යුතු බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතින උණුසුම් තත්ත්වය ඇතිවන දිස්ත්‍රික්කවල ජනතාවද මේ පිළිබඳ අවධානය යොමුකළ යුතු අතර, ප්‍රමාණවත් ජලය පානය කරන ලෙස හා සෙවණක් ඇති ස්ථානවල හැකි තරම් විවේක ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

Read more

Local News