ඉන්දීය ධීවරයින් 18ක් නාවික හමුදා අත්අඩංගුවට

Share

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහු‍දේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් දහඅටදෙනෙකු ඊයේ(04) නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව පේදුරුතුඩුව ප්‍රදිපාගාරයට වයඹ දෙසින් නාවික සැතපුම් 16 පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ දී නාවික හමුදාව විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුර ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ඔවුන්ට අයත් ධීවර යාත්‍රා (Dhow) 03 ක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, ඉන්දීය ධීවරයින් සහ යාත්‍රා යාපනය, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබේ.

එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධිවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිතය.

Read more

Local News