අද ජාතික සිනමා දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරේ

Share

ජාතික සිනමා දිනය ලෙස අද(05) දිනය ප්‍රකාශයට පත් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සියවන ජන්ම දිනය වෙනුවෙන් අප්‍රේල් මස 05 වනදා “ජාතික සිනමා දිනය“ ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රජය පවසයි.

මෙරට සිනමාව දකුණු ඉන්දියානු ආභාශයෙන් මුදවා දේශීය මුහුණුවරක් ගෙන ඒම සදහා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සිදුකළ මෙහෙවර අගයමින් මෙම දිනය ප්‍රකාශයට පත් කර තිබේ.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කෞතුකාගාරය හා පුස්තකාලය ආරම්භ කිරීම ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතයි.

Read more

Local News