බස් – ත්‍රීරෝද රථ අනතුරකින් 3කට තුවාල

Share

කොළඹ නුවර මාර්ගයේ මිරිස්වත්ත මංසන්දියේදි අද(05) උදෑසන සිදු වු අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවට වාර්තා වෙයි.

එකම දිශාවට ධාවනය කළ පුද්ගලික බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.

බස් රථය, ත්‍රිරෝද රථයේ පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව යක්කල පොලීසිය පැවසුවේය.

තුවාල ලබා ඇත්තේ, ත්‍රිරෝද රථයේ රියදුරු එහි ගමන් කළ කාන්තාවක් සහ ළමයෙක් වන අතර ඔවුන් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බවට පොලීසිය පැවසීය.

Read more

Local News