CID බාරයේ සිටි සිව්දෙනා නිදහස් කෙරේ

මාකඳුරේ මදූෂ් සමඟ සිටියදී අත්අඩංගුවට පත්ව ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වැන් රෝයන් ඇතුළු පස් දෙනෙකු ඊයේ(04) දිවයිනට පැමිණියේය.

ඒ අනුව රංගන ශිල්පී රයන් වැන් රෝයන් සමඟ මෙරටට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටි පුද්ගලයින් සිව්දෙනා නිදහස් කර තිබේ.

ඒ කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් ප්‍රශ්න කිරීමෙන්වලින් අනතුරුවයි.

එහිදී රයන් වැන් රෝයන් ඇතුළු පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගත්අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගෙන් පැය 18කට අධික කාලයක් ප්‍රශ්න කරනු ලැබුවේය.

ඉන් අනතුරුව අද(05) අළුයම 03ට රංගන ශිල්පී රයන් වැන් රෝයන් වැලිගම පොලීසිය වෙත භාරදී ඇත. ඒ ගංජා ළඟ තබාගැනිමේ චෝදනාවක් සම්බන්ධයෙනි.

මේ අතර රංගන ශිල්පී රයන් වැන් රෝයන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.