ඉන්දු, ලංකා ආරක්ෂක ලේකම්වරු අද හමුවෙයි

Share

දිවයිනට පැමිණි ඉන්දිය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා මහතා සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අතර සාකච්ඡාවක් අද  (08) පැවැත්විමට නියමිතයි.

ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි. 281 දරණ ගුවන් යානයෙන් ඊයේ (07) පස්වරුවේ ඉන්දීය ආරක්ෂ ලේකම්වරයා ඇතුළු දුත පිරිස  දිවයිනට පැමිණි තිබේ.

ඔහු සමග 6 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය දූත පිරිසක් ද මෙරටට පැමිණ තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ද්වීපාර්ශවික සංවාදයකට සහභාගී වීම ඉන්දීය ආරක්ෂක ලේකම්වරයාගේ මෙම සංචාරයේ අරමුණ බව සඳහන්.

මෙම සංචාරය තුළදී ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඇතුළු මෙරට ඉහළ පෙලේ නියෝජිතයින් රැසක් මුණ ගැසී සාකච්ඡා කිරීමට සැළසුම් කර තිබේ.

Read more

Local News