මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුරය සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර පසුව එම තත්ත්වය නැගෙනහිර පළාතට පැතිර යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී.

එමෙන්ම අද(08) දින දහවල් 12.11 ට ජාඇල, ගණේමුල්ල, අඟුරුවැල්ල, දඹගොල්ල, අම්බන්පෝරුව සහ කොටගොඩ යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News