ජීව අත්බෝම්බයක් සමඟ අයෙක් දැලේ

Share

එරාවූර් අයියන්කේනී ප්‍රදේශයේ දී ජීව අත්බෝම්බයක් සහ තියුණු ආයුධ ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මඩකලපුව කොට්ඨාශ බුද්ධි නිලධාරින් විසින් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදි ඔහු සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ කඩු දෙකක් සොයාගෙන තිබේ.

සැකකරු 21 හැවිරිදි අයියන්කේනී ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙයි.

ඔහු අද(09) එරාවූර් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News