බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 21 ක් රෝහලට

Share

හැටන් දිඹුල පොලිස් වසමට අයත් ඩ්‍රෙටන් වතුයායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද(09) දහවල් එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 21 දෙනෙක් රෝහල් ගත කර ඇති බව දිඹුල පොලිසිය පැවසිය.

අද උදැසන 11 ට පමණ මෙම බඹර ප්‍රහාරය එල්ල වි ඇති අතර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇති සියල්ල පිරිමි අය බවයි දිඹුල පොලිසිය පැවසුවේ.

තේ පදුරක් මත බැඳ තිබු බඹර කුඩුවක් එකවරම ඇවිස්සි තමන්ට පහර දුන් බවයි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටින වතු කම්කරුවන් කියා සිටියේ.

ඊයේ(08) පස්වරුවේද එම වතුයායේම වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයෙන් 36 දෙනෙකු තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව එම තුවාල කරුවන් සියළු දෙනා අද උදැසන ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.

මධ්‍යම කඳුකරයේ මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමඟ යලිත් බඹර ප්‍රහාර උත්සන්න වි ඇති අතර බඹරුන් බක් මාසය තුළ බඹර වද බදින නිසා එම බඹර වද ආරක්ෂා කර ගැනිමට බඹරුන් මෙසේ පහර දෙන බවයි පරිසිරවේදින් කියා සිටින්නේ.

Read more

Local News