දක්ෂිණ අධිවේගයේ සිදුවු ලොරි අනතුර

Share

අද(10) පෙරවරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සුදුගල ප්‍රදේශයේදී කොළඹ සිට මාතර දක්වා දියර කිරි ප්‍රවාහනය කළ ලොරි රථයක් අනතුරට ලක් වී තිබේ.

ලොරි රථයේ පිටුපස රෝදය පිපිරී රථය අධිවේගි මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටී පෙරළිගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට ගමන්ගන්නා මාර්ගයේ ගැලණිගම සිට දොඩංගොඩ දක්වා මංතීරුව පැය භාගයක් පමණ වසා තිබුණි.

අනතුරින් ලොරි රථයේ රියදුරු සුළු තුවාල ලබා ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම රථවාහන පොලිසියේ නිලධාරීන් සඳහන් කළේ භාවිතයට නුසුදුසු තත්ත්වයේ පවතින ටයර් භාවිත කිරීම සහ අධික බර සහිතව ධාවනය කිරීම හේතුවෙන් ‍මෙම අනතුර සිදුව ඇති බවයි.

Read more

Local News