කුඩු එක්ක අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයින් 23 වනදා දක්වා රිමාන්ඩ්

Share

දකුණු මුහුදු තීරයේ දී හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 100 ක් සමඟ අත්අඩංගුවට ගන්නා ලද ඉරාන ජාතිකයන් නව දෙනා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම සැකකරුවන් අද(11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියට කැඳවනු ලැබීය.

මෙම සැකකරුවන්ට ඉංග්‍රීසි භාෂාව පිළිබඳව දැනුමක් නොමැති හෙයින් ඉරාන තානාපති කාර්යාලයේ සහාය ඇතිව ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කිරීමට පියවර ගන්නා බවයි පොලීසිය කියා සිටියේ‍.

ඒ අනුව සැකකරුවන් ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අවසර දුන් මහෙස්ත්‍රාත්වරිය එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් පොලීසියට නියම කළේය.

Read more

Local News