කේරල ගංජා සමඟ අයෙකු අත්අඩංගුවට

Share

කේරල ගංජා කිලෝ ග්‍රෑම් 7යි ග්‍රෑම් 200 ක් සන්නතකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු ඊයේ(11) සවස වඩුක්කෝට්ටේ පොලිස් වසමේ සිත්තන්කේනි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21 ක් වු මාදගල් ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

සැකකරු අද(12) දින මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වඩුක්කෝට්ටේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News