ප්‍රවීණ ගී පද රචක ප්‍රේමකීර්ති ද අල්විස් මහතා අනුස්මරණ ප්‍රසංගයට ජනපති එක්වෙයි

Share

ප්‍රවීණ ගී පද රචක ප්‍රේමකීර්ති ද අල්විස් මහතා අනුස්මරණය කරමින් ඊයේ (12) පස්වරුවේ නෙළුම් පොකුණ රගහලේ පැවති සද කැන් වැටිලා ගීත ප්‍රසංගයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එක්විය.

වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, ටී.එම්. ජයරත්න, ප්‍රියා සූරියසේන ඇතුළු ජනප්‍රිය ගායකයින් මෙහිදී ප්‍රේමකීර්ති ද අල්විස් මහතා රචනා කළ ගීත ගායනා කරමින් ප්‍රසංගය වර්ණවත් කළහ.

ප්‍රේමකීර්ති ද අල්විස් මහතා රචිත ” නොසැලෙන් ඉන්ද්‍රඛීලය සේ”, “අන්තිමයා” යන කාව්‍ය කෘති ද නිර්මලා ද අල්විස් මහත්මිය විසින් ප්‍රේමකීර්ති ද අල්විස් මහතා පිළිබඳව ලියන ලද  ප්‍රේමකීර්තිනී කෘතිය ද මෙහිදී නිර්මලා ද අල්විස් මහත්මිය විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

Read more

Local News