අලුත් අවුරුද්දට ජනපති, අගමැති, විපක්ෂ නායකගෙන් සුබපැතුම්

Share

වාර්ෂික සූර්ය සංක්‍රාන්තියත් සමග එළඹෙන අලුත් අවුරුද්ද යනු මිනිසා පරිසරය හා සොබාදහම වන්දනය කිරීමේ කිරීමේ උළෙලක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අලුත් අවුරුද්ද නිමිත්තෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ බක් යනුවෙන් මේ මාසය හදුන්වනුයේ එය භාග්‍ය සම්පන්න කාලයක් වන බැවින් බවයි.

ගස්වැල්වල නව මල්ඵල හටගැණෙන සොබාදහමේ සියලු ප්‍රකාශනයන්හි උද්දාම බවක් දක්නට ලැබෙන මෙම කාලසීමාව සතුටු උදාවක් බැවින් එය අලුත් අවුරුද්ද ලෙස හදුන්වන බව ජනාධිපතිවරයා පවසයි.

අලුත් අවුරුද්ද නමැති අනර්ඝ සංස්කෘතික උත්සවය වෙළෙදපල යාන්ත්‍රණයේ පරිභෝජනවාදී මතවාදයට ගැතිව ඇති කලක එහි ගැඹුරු හරය තේරූම් ගැනීම පිණිස මෙවර අපගේ අවධානය යොමුවිය යුතු බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.

මෙතෙක් අප ලබා ඇති ජයග්‍රහණයන්හි ඵල භුක්ති විදිමින් ජාතික අපේක්ෂා සම්පුර්ණ කර ගැනීම මෙවර අලුත් අවුරුද්දේ එක් සිත්ව අධිෂ්ඨානයෙන් යුතුව පෙළ ගැසිය යුතු බව ජනාධිපතිවරයා නිකුත් කළ සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

සොබාදහමත් දිනෙන් දින අලුත් වෙමින් වසන්තශ්‍රීයෙන් හැඩගැන්වෙන බක් මාසය එළඹෙන සිංහළ දෙමළ අලුත් අවුරුද්ද ජාති ආගම් භේදයකින් තොරව ලක්වැසි සැමට තම ජීවිත අලුත්කරගැනීමටත් ඒ හරහා සමාජය නවමං ගැන්වීමටත් ලැබෙන කදිම අවස්ථාවක් බව අලුත් අවුරුදු සුබාශිංෂන පණිවිඩය නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද මෙරටට පමණක් නොව විදෙස්ගතව ද සිටින මුළුමහත් සිංහල දමිළ ශ්‍රී ලාංකික ජනයා ද උත්සවශ්‍රීයෙන් සමරන බවයි.

Read more

Local News