වෙඩි තැබීමකින් පුද්ගලයෙක්ට තුවාල

Share

ගෝනගංආර පොලිස් වසමේ 17 කණුව ප්‍රදේශයේදී අද(15) අළුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව පොලීසිය පවසයි.

අදාළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බුත්තල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රථිකාර සඳහා මොණරාගල සිරිගල රෝහල වෙත මාරු කර යවා ඇත.

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මෙරට නිශ්පාදිත බෙහෙත් කොටන ගිනි අවියක් සමඟ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගෝනගංආර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News