රුසියාවේ මොස්කව් අගනුවර සිතුවම් ප්‍රදර්ශනයක්

32

සොදබිස් සමාගම විසින් ඉදිරියේදී වෙන්දේසි කිරීමට නියමිත සිතුවම් කිහිපයක් ඇතුළත් ප්‍රදර්ශනයක් රුසියාවේ මොස්කව් අගනුවරදී පැවැත්වුණි.

බ්‍රිතාන්‍ය ජාතික චිත්‍ර ශිල්පී විලියම් ටර්නර් ඇතුළු චිත්‍ර ශිල්පීන් රැසකගේ සිතුවම් නිර්මාණ මෙම ප්‍රදර්ශනයට එක්කර තිබුණි.

රුසියානු ජාතික චිත්‍ර ශිල්පීන් කිහිපදෙනෙකුගේ සිතුවම් නිර්මාණද ඒ අතර වූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.

එම සිතුවම් සියල්ල ඉදිරියේදී ලන්ඩන් නුවර පිහිටි සොදබිස් වෙන්දේසි සමාගමේදී වෙන්දේසි කිරීමට නියමිතය.

ඊට පෙර එම සිතුවම් නිර්මාණ ජනතාවට දැකබලා ගැනීමට මෙම ප්‍රදර්ශනය මගින් අවස්ථාව උදාකර දී තිබුණි.

ප්‍රදර්ශනය නැරඹීමට බොහෝ පිරිසක් පැමිණි බවද විදෙස් වාර්තාවල සඳහන්ය.

ජාත්‍යන්තර සිතුවම් වෙළඳපල සඳහා රුසියානු ගැනුම්කරුවන් සහ රුසියානු කලා නිර්මාණ සැලකිය යුතු දායකත්වය ලබාදෙන බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්ය.