කල්මුණේ, චවලකඩේ සහ සමන්තුරෙයි ප්‍රදේශ වලට වහාම ඇඳිරි නීතිය පනවයි

Share

කල්මුණේ චවලකඩේ සහ සමන්තුරෙයි යන ප්‍රදේශ වලට වහාම ක්‍රියාත්මක වන පරිදි යළි දැනුම් දෙන තෙක් පොලිස් ඇදිරිනීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

තව දුරටත් ඒම  ප්‍රදේශ වල විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන බව මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩිදුරටත් පැවසුවා.

අම්පාර කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ මීට පැය 2 කට පමණ පෙර ආරක්ෂ අංශ විසින් සෝදිසි මෙහෙයුමක්  සිදු කර ඇත.

එහිදී  පුපුරණ ද්‍රව්‍ය සහ ඒ සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය රැසක් තිබු ගබඩාවක් සොයා ගෙන ඇති අතර එහි තිබි ත්‍රස්තවාදීන් භාවිතා කළ ඔවුන්ගේ ලංජනය සඳහන් කොඩියක්ද හමු වී තිබේ.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තුත් මහතා පැවසුවේ සෝදිසි මෙහෙයුම් සිදු කළ අවස්ථාවේ කල්මුණේ ප්‍රදේශයෙන් පිපිරීම් හඬක් ඇසුනු බවත් ඒ අනුව එම ප්‍රදේශය වැටලු බවත්.

එම අවස්ථාවේදි එම පිරිස සහ යුද හමුදාව අතර වෙඩි හුවමාරුවක් සිදු වු බවත් ඒ අනුව එම ස්ථානයේ ත්‍රස්තවාදීන් 3ත් 6ත් අතර පිරිසක් සිටිය හැකි බවට විශ්වාස කරන බව ඒ මහතා පැවසීය.

Read more

Local News