ත්‍රස්ත ක්‍රියා මැඩලන්න මාලදිවයිනෙන් උපරිම සහය

Share

ත්‍රස්තවාදී ක්‍රියා මැඩැලීමට ශ්‍රී ලංකාවට උපරිම සහය ලබාදෙන බව මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා දුරකථනය ඔස්සේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා අමතමින් ප්‍රකාශ කර ඇත.

මෙම ම්ලේච්ඡ ප්‍රහාරය දැඩිව ප්‍රතික්ෂේප කරන අතර, මේ මොහොතේ සහෝදර රාජ්‍යයක් ලෙස මාලදිවයින ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගෙන සිටින බව ද ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා සඳහන් කර ඇත.

ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් සියලු දෙනාගේ පවුල්වල ඥාතීන් වෙත සිය කනගාටුව සහ සංවේගය පළ කළ මාලදිවයින් ජනාධිපතිවරයා තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ද ප්‍රකාශ කර ඇත.

එහිදී ජනාධිපතිවරයා විසින්  ප්‍රකාශ කර ඇත්තේ මෙම විනාශකාරී ත්‍රස්ත ව්‍යාපාරය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමට ශ්‍රී ලාංකික ආරක්ෂක අංශවල දායකත්වයෙන් කඩිනමින් හැකියාව ලැබෙනු ඇති බවය.

Read more

Local News