යාපනයෙන් භූගත බංකරයක් හමුවෙයි

Share

යාපනය අයින්දු මංසන්ධිය ප්‍රදේශයේ තෙමහල් නිවසක පොළව අභ්‍යන්තරයේ සකසා තිබූ භූගත බංකරයක් අද (28) සොයා ගෙන ඇත.

පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් හා පොලිස් නිළධාරීන් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අදාළ භූගත බංකරය සොයාගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තෙමහල් නිවසෙහි ආරක්ෂාවට රඳවා සිටි පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන ඇත.

නිවස ඇතුළත රහසිගත අන්දමින් මෙම භූගත බංකරය සකසා ඇති අතර එහි දිග මීටර 25 වන බවත් උස අඩි අටක් පමණ සහ පළල අඩි පහක් පමණ වන ලෙස සකසා ඇති බව වාර්තා වෙයි.

තහඩුවලින් ආවරණය කළ ආරක්ෂිත දොරක් යොදා මෙම භූගත බංකරය වසා තිබූ අතර එයට ඇතුළුවීම සඳහා පඩිපෙළක් සකසා තිබි ඇත.

මෙම බංකරය එල්.ටී.ටී.ඊ සංවිධානය භූගත බංකර සකස් කර තිබු ආකාරයටම විදුලිය බලය ලබාදී ආදාළ බංකරය ආරක්ෂිත ලෙස සකස් කර තිබූ බව ද අනාවරණය වී ඇත.

යාපනය පොලීසිය සඳහන් කර ඇත්තේ භූගත බංකරය සහිත තෙමහල් නිවසෙහි හිමිකරු කොළඹ පරපන ප්‍රදේශයේ රෙදිපිළි ව්‍යාපාරිකයකු බවත් ඔවුන් මේ දිනවල නිවාසයෙන් පිටව ගොස් ඇති බවත්ය.

වසර දෙකකට පමණ ඉහතදී මෙම නිවස භූගත බංකරය සමඟ ඉදිකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

අත්අඩංගුවටගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.

යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News