ලොරි රථයක් සහ මොටර් රථයක් එකිනෙකට ගැටී අනතුරක්

32

එකම දිශාවට ගමන් ගත් ලොරි රථයක් සහ මොටර් රථයක් එකිනෙකට ගැටිමෙන් අනතුරක් සිදු වි ඇති බව හැටන් පොලිසිය පවසයි.

අද(29) උදැසන 8.45ට පමණ එම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප්‍රදේශයේදි ය.

හැටන් සිට කොටගල දක්වා ධාවනය වු මොටර් රථයට සුනඛයෙකු ගැටිමට යාම නිසා මොටර් රථයේ රියදුරු මොටර්
රථය නතර කරනවාත් සමඟ එම දිශාවටම පිටු පසින් අධික වේගයෙන් ධාවනය ලොරි රථය මොටර් රථයේ පිටුපස වැදි
මෙම අනතුර සිදු වි ඇති බවටයි අප වාර්තාකරු කියා සිටියේ.

අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර අනතුරෙන් මොටර් රථයට දැඩි අලාභ හානි සිදු වි තිබේ.

අනතුර පිලිබඳව හැටන් පොලිසියේ රථ වාහන අංශය පරික්ෂණ පවත්වයි.