විසර්ජන පනත් කෙටුම්පත 2018 වැයශීර්ෂ පිළිබඳ විවාදය අද

Share

විසර්ජන පනත් කෙටුම්පත 2018 වැයශීර්ෂ පිළිබඳ විවාදය අද (17) ආරම්භ වෙයි.

ඒ අනුව, අතිගරු ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය, උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාලය, රාජ්‍යසේවා කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභා කාර්යාලය, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, පාර්ලිමේන්තුව, සභනායකතුමාගේ කාර්යාලය, ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ කාර්යාලය, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාගේ කාර්යාලය, මැතිවරණ  කොමිෂන් සභාව, විගණකාධිපති දෙපාර්තමේන්තුව, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්තුමාගේ කාර්යාලය, විගණන සේවා කොමිෂන් සභාව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව සහ කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව යන වැයශීර්ෂ විවාදයට ගැනේ.

අද (17) ආරම්භ කෙරෙන වැයශීර්ෂ විවාදය දෙසැම්බර් 09 දින දක්වා පැවැත්වෙයි.

Read more

Local News