මන්නාරමේ නිවසකින් ලියාපදිංචි නොකල ඩ්‍රෝන කැමරාවක් හමුවෙයි

Share

මන්නාරම, පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබූ ලියාපදිංචි නොකළ ඩ්‍රෝන කැමරාවක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලීසිය පවසයි.

පොලීසිය වෙත ලද තොරතුරක් මත මන්නාරම කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදී ඊයේ(01) සැකකරු හා ඩෝන කැමරාව අත්අඩංගුවටගත් බව පොලීසිය සඳහන් කළේය.

පොලීසිය පැවසූවේ අදාළ කැමරාව කුමන අරමුණින් රැගෙන ආවේද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවයි.

පසුගිය (28) වැනිදා මන්නාරම පේසාලේ නාවික හමුදා කඳවුර ඩ්‍රෝන කැමරාවකින් වීඩියෝ ගත කොට ඇති අතර නාවික හමුදා නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමේදී ඩෝන කැමරාව අතුරුදහන්ව තිබුණි.

පොලිසිය පැවසූයේ පේසාලේ නාවික හමුදා කඳවුර අවට වීඩියෝ ගතකිරීමට අත්අඩංගුවට ගත් ඩ්‍රෝන කැමරාව යොදාගත්තේ ද යන්න සොයා වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News