2018 නීල හරිත අයවැයේ විදෙස් ආයෝජකයින් කැමැත්ත පළ කරයි

Share

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සදහා හදුන්වා දී ඇති “ නිල් ආර්ථික ” වැඩපිළිවෙල හා බද්ධ වෙමින් ධීවර කර්මාන්තයේ යටිතල පහසුකම් සංවර්ධනය කර ධීවර ව්‍යවසායකයින් බිහිකිරීම සදහා අවශ්‍ය සියළු ආයෝජනයන් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඊයේ (16) දින හමු වූ චීන ආයෝජකයින් කැමැත්ත පළ කළහ.

මෙම චීන ආයෝජකයින් අවධාරණය කලේ වත්මන් රජය 2018 වසර වෙනුවෙන් ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා මගින් ධීවර ක්ෂේත්‍රයේ විදෙස් ආයෝජන දිරිමත් කිරීමට ගෙන ඇති පියවර ඉතා ප්‍රසංසනීය බවය.

අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මෙම චීන ආයෝජක කණ්ඩායම දිලිප් වෙදආරච්චි අමාත්‍යවරයා වෙත යොමු කර තිබුණි . ඒ අනුව එම චීන ආයෝජකයින් දහවල් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී අමාත්‍යවරයා සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

Read more

Local News