මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ තවත් ශක්තිමත් කරනවා

Share

ත‍්‍රස්තවාදය පරාජය කිරීම ස්ථීර වශයෙන්ම සිදුකරනවා සේම කිසිදු අභියෝගයක් හමුවේ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ දුර්වල නොකරන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ජාත්‍යන්තර ත‍්‍රස්තවාදයත්, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ව්‍යාපාරය, අවි ජාවාරම, පතාලය එකම ජාලයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කියා සිටියේ රටට එරෙහි මෙම සියගලු අභියෝග පරාජය කළ යුතු බවයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡවක දී ය.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ත‍්‍රස්ත කි‍්‍රයාවට මුහුණදීමට සිදුවූයේ මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදුකරමින් සිටින අවස්ථාවක බවයි.

අපේ‍්‍රල් 21 වනදා  ඛේදවාචකය නොවන්නට මත්ද්‍රව්‍ය විරෝධි වැඩපිළිවෙළ මේ වන විට සාර්ථක ප‍්‍රතිඵල රැසක් පෙන්වා අවසන් බව ද ජනාධිපවරයා කියා සිටියේ ය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර විධිමත් සහ ප‍්‍රායෝගික සැලැසුම් ඔස්සේ එම වැඩපිළිවෙළ කි‍්‍රයාවට නංවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් බන්ධනාගාරගතව සිටින බාලවයස්කාර තරුණයන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බරපතළ අපරාධකරුවන් සමඟ එකට රඳවා තැබීම සිදු නොකළ යුතු බවයි.

එසේ සිටීමෙන් ඔවුන් ද බරපතළ අපරාධ සඳහා පෙලඹිය හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම තරුණයන් වෙනම පුනරුත්ථාපනය කිරීමේ වැදගත්කමත්, එහි දී ඔවුන්ගේ වයස් මට්ටමි, වරදේ ස්වභාවය, පුනරුථාපනය කෙරෙන කලවකවානු ආදි කරුණු සැලකිල්ලට ගැනීමේ වැදගත්කමත් පැහැදිළි කළේය.

Read more

Local News