ගාල්ල පොලිස් වසමේ ඇඳිරි නීතිය අවසන්

Share

ඊයේ (17) ගාල්ල පොලිස් වසමේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට අද (18) පෙරවරු 9.00දක්වා ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිතුමා පියවර ගනු ලැබීය.
ඒ අනුව වැලිපිටිමෝදර, මහහපුගල, රුක්වත්ත, ගිංතොට, පියදිගම, කුරුඳුවත්ත ග්‍රාම සේවා වසම් සඳහා මෙලෙස ඇඳිරිනීතිය ක්‍රියාත්මක කොට ඇත.
එමෙන් ම මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් 200කට අධික පිරිසක් ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 100කට අධික පිරිසක් ද රාජකාරි සඳහා යොදවා ඇත. මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 19ක් අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News