රටේ හමුදාවේ වගකීම රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමයි – යුද්ධය ජයගන්න සියලු දෙනා විශාල කැපවීමක් කළා

Share

අද (18) පාර්ලිමේන්තුවේ දී ප්‍රාථමික සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අයවැය 2018 වැයශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් සඳහන් කළේ,

අපි අපේ රටට ණය නෑ කියලා සතුටටක් තියෙනවා. රටේ හමුදාවේ වගකීම රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමයි. ඒ සඳහා බැදී සිටිනවා. ස්වෛරීභාවය ,භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කැපවෙනවා. රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම ආරක්ෂ හමුදාවලට පැවරෙනවා.

අවුරුදු 32ක යුද්ධයක් තිබුණා. රටට විශාල ලෙස ආර්ථිකයට ඉදිරිගමනට බලපෑවා. යුද්ධය ජයගන්න සියලු දෙනා විශාල කැපවීමක් කළා. යුද්ධය වෙනුවෙන් කැපවූ හමුදාවේ දේශප්‍රේමීන් සිටියා. මිල මුදල් පස්සේ යන්නේ නැතිව රට වෙනුවෙන් වැඩ කළා. සුළු පිරිසක් හිටියා බගෝස්තර ගැන. මේ දවස්වල කල්ලිවල ඉන්නේ ඒ අයයි.

රණවිරුවන් 30,000ක් ජීවිත පූජා කළා. කවුරු පන්පෝරි ගැහුවත්, රණවිරුවන්ගේ කැපවීම නොවන්න යුද්ධය ජයගන්න බෑ. ඔවුන් දුන් සහයෝගය අවතක්සේරු නොකළ යුතුයි. හමුදා ප්‍රතිසංවිධානය කිරීම ඉතා අවශ්‍යයි. අපි රටේ ආරක්ෂාව දුර්වල කරන්නේ නෑ. හමුදාව රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතුයි. මේ රටට වැරදි පණිවුඩ යවන්න එපා. ත්‍රිවිධ හමුදාව රටේ සංවර්ධනයට දායක කරගත යුතුයි. හමුදාව දේශපාලණීකරණය නොකළ යුතුයි. රාජ්‍ය ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදිය යුතුයි. අප රාජ්‍ය ආරක්ෂාව ශක්තිමත් කළ යුතුයි. රටට ජාතික උපක්‍රමික අරක්ෂක සැලැස්මක් අවශ්‍යයි

Read more

Local News