වැඩි මිලට අලෙවි කරන්න ගෙනා මත්පැන් තොගයක් අල්ලයි

Share

වෙසක් සැමරුම් දිනයන්හි වැඩි මිලට අලෙවි කිරීම සඳහා මාතලේ නගරයේ නිවෙසක් තුල සඟවා තිබු මත්පැන් බෝතල් 175ක් සමඟ සැකකරුවෙකු මාතලේ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මාතලේ පොලීසියේ අපරාධ අංශයේ නිලධාරියෙකුට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.

සැකකරු සන්තකයේ තිබී මත්පන් මිලි ලීටර් 750 ක් බැගින් අඩංගු බෝතල් 50ක්, මත්පැන් මිලි ලීටර් 175ක් බැගින් අඩංගු බෝතල් 125ක් සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධව මාතලේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Read more

Local News