Tuesday, March 19, 2024.

කුඩුත් එක්ක පහක් අත්අඩංගුවට

Share

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම්වලින් හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වීරගුල, දෙමටලන්ද ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 150ක් ළඟ තබාගෙන සිටි පුද්ගයින් දෙදෙනෙකු වීරගුල පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (21) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර මිනුවන්ගොඩ පාරේ මහයායවත්ත මාර්ගයේදී ද හෙරොයින් ළග තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 110ක් සොයාගෙන තිබේ.

මේ අතර වැල්ලම්පිටිය මීතොටමුල්ල, රේල් පාර අසල දී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 900ක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News