ප්‍රවීන රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චිගේ දේහය නිවසට

Share

අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි මහතාගේ දේහය රාජගිරියේ පිහිටි ඒ මහතාගේ නිවසේ මේ වන විට තැන්පත් කර තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හෙට්ටිආරච්චි මහතා ඊයේ(27)පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගනශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි මහතාගේ දේහය රාජගිරියේ පිහිටි ඒ මහතාගේ නිවසේ මේ වන විට තැන්පත් කර තිබේ.

මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ ”රත්තරන්” වේදිකා නාට්‍යයට රංගන දායකත්වය ලබාදෙමින් රංගනයට අත්පොත් තැබූ ඒ මහතා වේදිකා, ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රැසක සිය රංගන කෞෂල්‍යය විදහා පෑමට සමත් විය.

ඔහු රංගනයෙන් දායක වූ ”දඩබිම” ටෙලිනාට්‍යෙයහි රඟපෑ ”මයිකලි” නැමැති චරිතය වෙනුවෙන් 1991 වසරේදී හොඳම නළුවාට හිමි සම්මානයද හිමි කරගත්තේය.

කොළඹ නාලන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ගාමිණී හෙට්ටිආරච්චි මහතා කලක් දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරියෙකු ලෙසද සේවය කර තිබේ.

දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වූ ගාමිණි හෙට්ටිආරච්චි මහතා මිය යන විට 68 වැනි වියෙහි පසු විය.

Read more

Local News