මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

ඉදිරි දිනවල (ජුනි මස 03 දින සිට) නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වේයැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් ජුනි මස 03 වනදා සිට, දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වය වැඩිවීමේ ඉහළ හැකියාවක් පවතී.

​බස්නාහිර, දකුණ, වයඹ සහ සබරගමු පළාතේ සිහින් වැසි වාර කිහිපයක් අති වන බව එම නිවේදනයේ සඳහන් වේ.

ඌව පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේ මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා තිබේ.

Read more

Local News