කොළඹ මාර්ග කිහිපයක අද සිට මාස 3ක් රථ වාහන ගමනා ගමනය සීමා කරයි

Share

කුරුදුවත්ත සහ බම්බලපිටිය පොලිස් බල ප්‍රදේශවල මාර්ග කිහිපයක රථ වාහන ගමනා ගමනය අද(01) සිට මාස තුනක කාලයක් සීමා කරන බව පොලිසිය පවසයි.

වැසි ජලය බැසයාම සඳහා උමං මාර්ගයක් කැණිම මීට හේතුව බව පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව ගාලුපාර, ග්ලෙන්ආබර් පෙදෙස මුහුදු මාර්ගය දක්වා රථ වාහන ගමනා ගමනය සීමා කෙරෙයි.

විකල්ප මාර්ග ලෙස අටවන පටුමග හේග් පාර ඔස්සේ ගාලු පාර දෙසට ගමන් කළ හැකියි.

මේ මස 15 වන දින සිට සැප්තැම්බර් 15 වන දින දක්වා මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවතේ බෞද්ධාලෝක මාවත දෙස දක්වා පමණක් එක් දිශාවකට රථ වාහන ධාවනය කළ යුතු බව පොලිසිය පැවසුවේය.

බෞද්ධාලෝක මාවතේ සිට මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාර්ගය ලෙසට ගමන් කරන වාහන බෞද්ධාලෝක මාවතෙන් තුන්මුල්ල හංදිය, තර්ස්ටන් මාවතෙන් නැවත නිදහස් වටරවුම පිලිප් ගුණවර්ධන මාවත දෙසට ගමන් කළ හැකියි.

Read more

Local News