රිය අනතුරකින් පදිකයෙක් මරුට

Share

බියගම කරාබුගස් හංදිය ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙන බව පොලිසිය සඳහන් කළේය.

ධාවනය වෙමින් තිබු ලොරියක මාර්ගය අසල ගමන් කරමින් සිටි පදිකයෙකු ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබු පුද්ගලයා බියගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ මල්වාන ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි අයෙකි.

අනතුරට සම්බන්ධ ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Read more

Local News